28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅජිත් රෝහණගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

අජිත් රෝහණගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

තමන්ට ස්ථාන මාරුවක් ලබා දීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය කියා සිටියේ මෙම මාරුවීම පොලිස් කොමිසම විසින් ඒකමතිකව සිදු කර ඇති බවත් පෙත්සම්කරු සමග මාරුවීම් සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරු 7 දෙනෙකු මේ පිළිබඳ කිසිඳු අභියෝගයක් කර නොමැති බවත්ය. ඒ හේතුවෙන් මෙම පෙත්සම ඉවත දමන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංඟා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය ඉල්ලා සිටියාය.