27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිය අනතුරකින් සිව් දරු පියෙකුට දිවි අහිමි වෙයි

රිය අනතුරකින් සිව් දරු පියෙකුට දිවි අහිමි වෙයි

ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාතථා වෙන්නේ.

විවාහ මංගල උත්සවයක කුලී ගමනක් ගොස් අද සිය නිවස කරා එමින් සිටියදී ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.

බස් රථයේ ගැටුන ත්‍රීරෝද රථය එහි ඇමිනී මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් බරපතළ තුවාල ලබා සිටි තැනැත්තා කළුතර ශික්ෂණ රෝහල
ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාතථා වෙන්නේ.