― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋණට ප්‍රතිකාර කරන්න ගිය දැරියට අතක් අහිමි වෙයි

උණට ප්‍රතිකාර කරන්න ගිය දැරියට අතක් අහිමි වෙයි

උණ රෝගය හේතුවෙන් රෝහලට ඇතුළත් කළ 08 හැවිරිදි දැරියකගේ අතක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමේ පුවතක් යාපනයෙන් වාර්තා වෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ යාපනයේ, මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි යාපනය හින්දු විද්‍යාලයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි දියණියකයි.

මෙම දැරිය දින 04ක සිට උණ රෝගයෙන් පීඩා විඳ ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් රෝගයට ප්‍රතිකාර ලබා ගත්තද සුවයක් නොලැබීම හෙතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

දැරිය රෝහලට ඇතුළත් කර ගැනීමෙන් පසුව වාට්ටුව බාර හෙදිය විසින් දැරියගේ අතට කැනීයුලාවක් සවි කර ඇති අතර ඒත් සමඟම ක්‍රමයෙන් මෙම දැරියගේ අත අකර්මන්‍ය වන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු හෙදිය මේ බව වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති අතර එහිදී යාපනයේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීරණය වී ඇත්තේ දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම ඇගේ අත ඉවත් කළ යුතු බවයි.

ඒ අනුව දැරිය ශල්‍යකර්මයකට භාජනය කර ඇගේ අත ඉවත් කොට තිබෙනවා.