26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නතින් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට

එන්නතින් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට

කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය බව කියන පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇති බව වාර්තා වනවා.

මේ අදාළ මෙම රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවට යැවූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය සඳහන් කළේ.

මෙලෙස විදෙස් රටවලිඅට යැවූ සාම්පලවලට අදාළ විමර්ශනවල ප්‍රතිඵල ලැබුණු පසු මෙම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි ඔහු පැවසුවේ.

මේ අතර එලෙස රෝගියෙකු මිය යාමත් සමඟ කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

කැපුම් තුවාලකට ප්‍රතිකාර ගැනීමට පැමිණි වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මෙලෙස මිය ගිය බවයි තොරතරු වාර්තා වුණේ.