23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකඩාවැටුණු රට බේරා ගත්තේ රනිල් - වජිර

කඩාවැටුණු රට බේරා ගත්තේ රනිල් – වජිර

රට ආරක්‍ෂා කිරීම කාගේත් වගකීමක් බවත් අපරාධවලට සියලු දෙනාටම දොස් පවරමින් රට ගොඩනැගිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ එජාප සංවත්සර සම්මේලනය පිළිබඳ පක්ෂ සංවිධායකවරුන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති හමුවකදීය.

රට ගොඩනැගීමට සියලුදෙනා එකතු නොවුණොත් අප හැමදාමත් ලෝකය ඉදිරියේ සිඟමන් ලබන ජාතියක් බවට පත්වන බවයි හෙතෙම එහිදී කියා සිටියේ.

සියලු දෙනාටම පිළිගත හැකි ජාතික ප්‍රතිපත්තියක් අප නිර්මාණය කළ යුතු බවත් විපක්ෂයේ වගකීම් පැහැර හරිද්දී කඩා වැටුණු රට බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.