28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනන්දලාල් ලොව හොඳම මහබැංකු අධිපතිවරු 21 දෙනා අතරට

නන්දලාල් ලොව හොඳම මහබැංකු අධිපතිවරු 21 දෙනා අතරට

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 වසරේ ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට නම් කර තිබේ.

නිව්යෝර්ක්හි ‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ විසින් කරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව මෙම ශ්‍රේණිගත කිරීම කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් හටයි.

‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ විසින් 1994 වසරේ සිට වාර්ෂිකව මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන අතර උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොළී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යසාධනය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම ලැයිස්තුව සකසනු ලබයි.