27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWeatherප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

අද (04) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

මේ අතර පවතින වර්ෂාපතනයත් සමඟ නිල්වලා, ගිං, කළු ගංඟා මෙන්ම කුඩා සහ අත්තනගලු ඔයවල ජල මට්ටම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වය ගං වතුර අවදානමක් දක්වා වැඩි වී නොමැති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේවෙතත් අඛණ්ඩ වර්ෂාපතනයක් පතිතවුවහොත් පහත් බිම්වලට ගං වතුර අවදානමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.