― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපුද්ගලික ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

පුද්ගලික ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (03) දහවල් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිය සහෝදරියගේ සැමියා ඇතුළු පිරිසක් විසින් මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 34 සහ 31 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

සැකකරුවන් දෙදෙනා පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.