― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ වැඩිම වන්දිය ලබාගත් ලාංකීය කත දිවයිනට

මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ වැඩිම වන්දිය ලබාගත් ලාංකීය කත දිවයිනට

තමන්ට සිදු වූ විශාල අසාධාරණයකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ලබාගත් ශ්‍රී ලාංකික කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට ඊයේ (03) දිවයිනට පැමිණ තිබුණා.

මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය වන්දි වශයෙන් හිමි වූ මුදල රුපියල් හැටඅට ලක්ෂයක්.

32 හැවිරිදි වියේ පසුවන මැය 2022 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දින ගෘහ සේවය සදහා කුවේට් රාජ්‍ය වෙත පිටව ගොස් තිබුණා. එහිදී ඇය සේවය කළ නිවසේ හ්මිකරුගේ පුත්‍රයා විසින් බලහත්කාරයෙන් අවස්ථා කීපයක දී මෙම තරුණියව දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම තරුණිය ගැබ් ගෙන ඇති බවට දැනගැනීමත් සමඟ රහසිගතව නිවස වෙත වෛද්‍යවරයෙක් ගෙන්වා තරුණියට බලහත්කාරයෙන් ගබ්සා කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස කුවේට් ජාතික කාන්තාව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර ඇති බවට ද තොරතරු වාර්තා වනවා.

එම ගබ්සා කිරීමෙන් පසු රෝගී වී ඇති මෙම ශ්‍රී ලාංකික තරුණිය පසුගිය මාර්තු මස 23 වන දින රෝද පුටුවක හිදුවා ශ්‍රී ලංකාවට ආපසු එවීම සඳහා කුවේට් ගුවන් තොටුපොළ වෙත දූෂණය සිදුකළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් කැඳවාගෙන විත් තිබෙනවා.

එහිදී ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අසනීප තත්ත්වයේ සිටි මෙම තරුණියගෙන් කරුණු විමසා ඇති අතර එහිදී යට මුහුණදීමට සිදුවූ සිදුවීම ඔවුන්ට පවසා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට එරට ගුවන්තොටුපොළ බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම තරුණියව වහාම ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම තරුණියට වූ අසාධාරණය සම්බන්ධයෙන් එරට අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර එහිදී එරට නීතිවේදීන් සමඟ මාස 06ක පමණ කාලයක් දැඩිව ගැටෙමින් මෙම තරුණියට කුවේට් ඩිනාර් 6,500ක වන්දි මුදලක් කටයුතු කර තිබෙනවා.

එය මෙරට මුදලින් රුපියල් හැටඅට ලක්ෂයක්. අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් වැරදිකරු වූ කුවේට් ජාතික තරුණයාට සිරදඬුවම් පැනවීමට ද නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ වන්දි මුදල සහ යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත්‍රය කුවේට් ජාතිකයා විසින් මෙම තරුණිය වෙත ලබාදීමයි කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව මෙම ශ්‍රී ලාංකික තරුණිය ඊයේ (03) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 230 දරණ ගුවන් යානයෙන් කුවේට් හි සිට මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.