29.5 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල්වල අක්ෂි සැත්කම් නැවතීමේ අවදානමක්

රෝහල්වල අක්ෂි සැත්කම් නැවතීමේ අවදානමක්

රට පුරා රෝහල්වල පවතින උග්‍ර අක්ෂි කාච හිඟය නිසා සෑම රෝහලකම අක්ෂි සැත්කම් නතරවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශයේ ඖෂධ හා වෛද්‍ය උපකරණ පිළිබඳ තොරතුරු ඇතුළත් ‘ස්වස්ථා’ පරිගණක පද්ධතියේ ඊයේ (03) පස්වරුවේ සඳහන් වූයේ අක්ෂි කාච කිසිදු රෝහලක නොමැති බවයි.

මේ හේතුවෙන් අක්ෂි සැත්කම් පොරොත්තු ලේඛනයට දෛනිකව එකතු වන රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති අතර කොළඹ ජාතික අක්ෂි රෝහලේ පමණක් මහා බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අක්ෂි කාච 5000 ක් පමණ තිබෙන බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා රෝහල්වල මාසිකව අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා අක්ෂි කාච 15000 ක් පමණ අවශ්‍ය වන අතර අක්ෂි කාච වර්ග හතක් සැපයීම සඳහා කැබිනට් මණ්ඩලය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අනුමැතිය ලබාදී ඇත්තේ මෙම වසරේ ජනවාරි 23 වැනිදාය.