25 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලිට්‍රෝ ගෑස් රුපියල් 145කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් රුපියල් 145කින් ඉහළට

ලිට්‍රෝ සමාගම මඟින් වෙළඳපොළට නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145.00 කින් මිල ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 54.00කින් සහ කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 26.00කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

මෙම මිල වැඩි කිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සභාපතිවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ලෝක වෙළඳපොළේ පවතින ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ මේ දකවා කාලය තුළ ගෑස් මිල සංශෝධනය කරනු ලැබූ 06 වන අවස්ථාව මෙය වනවා.