23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසජිත් ඝාතනය කිරීමේ උත්සාහයක්

සජිත් ඝාතනය කිරීමේ උත්සාහයක්

පසුගිය ජනාධිපතිවරණයේ දී තමාව පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ පිරිස් විසින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ඒ අසත්‍ය පුවත බවත්, තමන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ප්‍රේමදාස පැවසුවා.

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබියදීත් ඉදිරිපත් නොවන බවට ඇතැම් පිරිස් මේ තරම් විශ්වාසයෙන් පැවසීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහයක් ඇතිදැයි සැකයක් පවතින බව ද ඔහු කියා සිටියා.

අභියෝගවලට මුහුණ දීමට තමන් බිය නැති බවත් 2019 ජනාධිපතිවරණයේදී අභ්‍යන්තර කුමන්ත්‍රණ තිබියදී පවා ලක්ෂ 56කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.