27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල ඉහළ දැමීමෙන් සංස්ථාවට 6% ක ලාභයක්

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් සංස්ථාවට 6% ක ලාභයක්

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මෙතෙක් සංස්ථාව ලැබූ 4%ක් ශුද්ධ ලාභය මේ වනවිට 6%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ලාභය විදේශීය ඉන්ධන පිරිවුම්හල්වලටත් ලැබෙන බවයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය අගෝස්තු මාසය දක්වා කාලය තුළදී සංස්ථාව රුපියල් බිලියන 96ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබෙන බවත්, මෙම කාලය තුළදී රජයට රුපියල් බිලියන 110ක බදු ගෙවා තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

සංස්ථාව සතුව මාස තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවත්, එවන් තත්ත්වයක් තුළ ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල ඉහළ දැමීම තුළින් සංස්ථාව තවදුරටත් අධික ලෙස ලාභ උපයා ගන්නා බවටත් හෙතෙම චෝදනා කළේය.