25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'චැනල් 4' හෙළිදරව්ව ගැන සොයන්න රජය සූදානම්

‘චැනල් 4’ හෙළිදරව්ව ගැන සොයන්න රජය සූදානම්

පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව විකාශය කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ඉඩ ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පෙන්වා දෙයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට නොවන බවයි.