― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews"පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ හිතවාදීන් සම්බන්ධයි"

“පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ හිතවාදීන් සම්බන්ධයි”

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනාවරණයක් ඇතුළත් විශේෂ වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව අද (05) දිනයේ විකාශය කර තිබේ.

වත්මන් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක හා මූල්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ, මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය අපේක්ෂා කරන හන්සීර් අසාද් මව්ලානා පවසා ඇත්තේ අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය ඊට සම්බන්ධ බෝම්බකරුවන් හමුවූ බවයි.

නැඟෙනහිර ප්‍රදේශයේ එම හමුව සිදුවූ බවත් ඊට තමන්ද සහභාගි වූ බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.

අද (05) විකාශය වූ Channel 4 Dispatches වාර්තා වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ අතර මෙම හමුව සිදුවූ බවට ඔහු පවසා සිටියේය.

එසේම මෙම ප්‍රහාරය එල්ල කළේ රාජපක්ෂ පවුලේ පාලනය යළි පිහිටුවීම සඳහා බවත්, එම පවුලට හිතවත් පිල්ලෙයාන් මවුලවිවරයෙකු හඳුන්වා දෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු කියා සිටියේය.

ප්‍රහාරයෙන් පසු නිකුත් වූ ඡායාරූප අතර එම රැස්වීමට සහභාගී වූ අයගේ ඡායාරූප තිබූ බවත් පසුව පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කළ විට මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් බෙදා නොගන්නා ලෙස තමාට පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

දැනට විදේශගත සරණාගතභාවය පතා සිටින අසාද් මවුලානා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගමය සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ බෙදාගෙන ඇත.

2019 අප්‍රේල් 21 වැනිදා IS සංවිධානයට සම්බන්ධ ප්‍රාදේශීය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන ජාතික තව්හීද් ජමාත් (NTJ) සංවිධානයට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු විසින් කතෝලික දේවස්ථාන තුනක සහ සුඛෝපභෝගී හෝටල් කිහිපයක පිපිරීම් මාලාවක් සිදු කරන ලදී.

මෙම පිපිරීම්වලින් අහිංසක මිනිසුන් 270කට පමණ දිවි අහිමි වූ අතර 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

එම වසරේ අග භාගයේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය කිරීමට හැකි වන පරිදි ප්‍රහාරය ඉදිරියට ගෙන යාමට ඉඩ දුන් බවට මවුලානා හමුදා බුද්ධි අංශයට චෝදනා කර තිබේ.

එබැවින් අසාද් මවුලානාට රැකවරණයක් ලබා ගැනීමට මෙම චෝදනාව කරන බව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ප්‍රකාශ කළ විට සුරේෂ් සලේ එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.