29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත පාර්ලිමේන්තුවට

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත පාර්ලිමේන්තුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (05) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අදාළ පනත් කෙටුම්පතට හිමිවීමෙන් පසු එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලු පවතින බවත් අවශ්‍ය තැන්වල දී සේවකයන් අඩුකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඇතැම් සේවාවන්වලට සේවකයන් පිටතින් බඳවා ගැනීම් මණ්ඩලයට විශාල බරක් බව ද ඔහු සඳහන් කළා.