27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශයන්හි මුදල් රැස් කරන්නන්ට එරෙහිව තීරණයක්

විදේශයන්හි මුදල් රැස් කරන්නන්ට එරෙහිව තීරණයක්

මහා පරිමාණ වංචා සිදුකර නීතිවිරෝධි ලෙස වත්කම් උපයමින් විදේශ රටවල මුදල් තැන්පත් කළ පුද්ගලයන්ගෙන් එම මුදල් නැවත අයකර ගැනීම කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ එලෙස මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කටයුතු කරන බවත් නව දූෂණ විරෝධී පනත මෙම මස 15 වැනිදා සිට බලාත්මක වන බැවින් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අල්ලස් කොමිසමට හැකියාව ලැබෙන බවත්ය.

මෙරට විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම සඳහා ලෝක බැංකුව, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව වි​​ශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.