27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 02ක්

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 02ක්

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් සෑදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයී ෂා ජනපති හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව සඳහන් කර ඇති අතර එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සිල‌යේ සභාපති ජෙයී ෂා පවසා ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් අවශ්‍ය බවයි.

එහිදී ජෙයි ෂා පවසා තිබුනේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් සෑදීමට පහසුකම් සපයන්නේ නම් ඔවුන්ට ක්‍රීඩාංගණ දෙකක් සාදා දීමට හැකි බවයි.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාපිටිය සහ ගාල්ල ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට කටයුතු කරන බවයි.

එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සිල‌යේ සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යාපනය ප්‍රදේශයේද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට පහසුකම් සලසා දෙන ලෙසයි.