23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිසුන් 84 කගේ විභාග ප්‍රතිඵල අත්හිටුවයි

සිසුන් 84 කගේ විභාග ප්‍රතිඵල අත්හිටුවයි

2022 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) පස්වරුවේ නිකුත් කෙරුණා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 263,933ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන් අපේක්ෂකයින් 84 දෙනෙකුගේ විභාගයේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර 2022 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 71.7%කට සරසවි වරම් හිමිව තිබෙනවා. මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථමයින් තිදෙනෙක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම විශේෂත්වයකි.

ඒ අනුව භෞතික විද්‍යා අංශය, ජෛවය තාක්ෂණ අංශය සහ වානිජ අංශයේ දිවයිනේ ප්‍රථමයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.