29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසොරකමේ ආ හොරා නිවැසියන්ගෙන් ගුටි කා රෝහලේ

සොරකමේ ආ හොරා නිවැසියන්ගෙන් ගුටි කා රෝහලේ

මන්නා පිහියක් ද අතැතිව නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවෙකු අඹුසැමි යුවළක් එක්ව පහර දී අල්ලාගත් පුවතක් හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නින්ජා වෙස්ගෙන නිවසකට අලුයම් කාලයේ ඇතුළු වී ඇති කොල්ලකරුව එම නිවසේ හිමිකරු විසින් දැක තිබෙනවා.

එහිදී කොල්ලකරු විසින් මන්නයකින් නිවැසියන්ට පහරදී පළා යාමටයි උත්සාහ කර ඇත්තේ. එම අවස්ථවේ නිවෙස් හිමියා සහ ඔහුගේ බිරිඳ එක්ව කොල්ලකරු සමඟ පොරබදා ඔහුව අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

එලෙස පොරබදින අවස්ථාවේදී කොල්ලකරු අත තිබූ මන්නය උදුරාගත් නිවෙස් හිමියා කොල්ලකරුට ඉන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු මේ වන විට හෝමාගම මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස කොල්ලකෑම සඳහා නිවසට ඇතුළු වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.