12.5 C
London
Saturday, September 30, 2023

බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (06) පස්වරුවේ එක් වෙමිනි.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අපේ රටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්ව ඇති බවත්, රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදු කළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද පස්වරුවේ මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.

විද්‍යාලයට වසර සියයක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි
.
මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රථමවරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනාධිපතිවරයා විද්‍යාලයේ සියවස් සමරු ස්මාරකය ද විවෘත කළේය. විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා ද උත්සව සභාව ඇමතීය.

රාජ්‍ය ආමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, කාදර් මස්තාන්, මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.එච්.එම්. නයිම් යන මහත්වරු සහ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. මකුලෑවේ විමලාන මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා රටේ පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය. ඉතිහාසය හදාරණ සිසුන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ට අවශ්‍ය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here