23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅබුඩාබි - ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා

අබුඩාබි – ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා

අබුඩාබියේ එයාර් ඇරබියා ගුවන් සේවය අබුඩාබි සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර මෙම අඩු වියදම් ගුවන් ගමන් සේවාව ලබන වසරේ ජනවාරි 3 වැනිදා සිට ආරම්භ කෙරේ.

එයාර් ඇරබියා අබුඩාබි සහ කටුනායක අතර සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල අබුඩාබි සිට කටුනායක දක්වාත්, සඳුදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කටුනායක සිට අබුඩාබි දක්වාත් ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.

මෙම තත්ත්වය තුළ එයාර් ඇරබියා සිය සේවා පුළුල් කරන 34 වැනි ගමනාන්තය කටුනායක බව එම සමාගම පවසයි.