― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅයවැයෙන් ජනතාවට සහන රැසක් - ජනපති

අයවැයෙන් ජනතාවට සහන රැසක් – ජනපති

ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීම සඳහා නව වැඩපිළිවෙළ රැසක් ඉදිරි අයවැයෙන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර කිහිපයක් ගනිමින් සිටින බවයි.

ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන අතරවාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඩාල කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපොහොසත් වීමෙන් විශාල අර්බුද ඇති වන බවත් එබැවින් අවශ්‍ය නීති සම්පාදනය කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා උත්සාහයට සහාය දෙන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරි අයවැය තුළ විස්මයන් රැසක් අන්තර්ගත වන බව ද ජනාධිපතිවරයා සභාවට දැනුම් දුන්නේය.