32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඖෂධ හිඟය අවම වෙයි

ඖෂධ හිඟය අවම වෙයි

මෙරට තුළ හිඟව පවතින ඖෂධ සංඛ්‍යාව 150 දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ මීට පෙර රට තුළ ඖෂධ වර්ග 300ක පමණ හිඟයක් පැවතිය ද මේ වනවිට එය 150 දක්වා අඩු වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද‍යවරයා අවධාරණය කළේ නිසි දැනුම් දීමකින් තොරව විදේශගතවන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.