සිව් වසරක විරාමයකින් පසුව කැතේ පැසිෆික් ගුවන් සමාගම කොළඹ සහ ඉන් පිටතට සිය ගුවන් ගමන් අරඹන බව දන්වා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ 2024 පෙබරවාරි 02 වනදා සිට ගුවන් ගමන් අරඹන බවයි.
ඒ අනුව කොළඹ සිට එයාර්බස් A330 ගුවන් යානයෙන් සතියකට ගුවන් ගමන් තුනක් ක්රියාත්මක කෙරෙනු ඇති.