― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදරුවන් සහ කාන්තාවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

දරුවන් සහ කාන්තාවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිඟමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

මේ අනුව පොලිසිය, පළාත් පාලන ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ ආයතන සමග මූලික සාකච්ඡාවක් පවත්වා එම කටයුතු අරඹන බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමු වුණා.

මේ වන විට සිඟමන් යැදීම සදහා දරුවන් කුලියට ගැනීම, ඇතැම් දරුවන්ට මත්පෙති ලබා දී සිඟමන සදහා යොදා ගැනීම, කාන්තාවන් ව්‍යාජ ලෙස ගැබිනි කාන්තාවන් සේ පෙනී සිටිම ආදිය බහුලව සිදුවන බැවින් සිඟමනේ යෙදීම ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි මෙහිදී සාකච්ඡා වුයේ. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සදහා නෛතික ප්‍රතිපාදන පැවතියද ප්‍රායෝගික තලයේ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ ගැටලු පිළි‍බදව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත ‍මෙරට යාචකයන් පිළිබද සමීක්ෂණ සමග ද සම්බන්ධ වෙමින් අදාළ දත්ත ලබා ගැනීමට පියවර ගන්නා ලෙසටයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අනුව එළඹෙන සතියේ මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් සූදානම් කර කඩිනම් පියවර ගැනීමට මෙහිදී වැඩිදුරටත් තීරණය වුණා.