― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalපාස්කු ප්‍රහාරයට රාජපක්ෂවරුන් වගකිව යුතුයි - මර්වින්

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂවරුන් වගකිව යුතුයි – මර්වින්

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 නාලිකාව හෙළිදරව් කරනු ලැබූ තොරතුරු තමන් ඉහළින්ම පිළිගන්නා බවත් පාස්කු ප්‍රහාරයට රාජපක්ෂවරුන් වගකිව යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශයෙන් දැනුම්දීමක් කළා.. ඉන්දියාවෙනුත් මේ පිළිබඳ ඔත්තුවක් දුන්නා.. දුන්නාම රටේ රාජ්‍ය නායකයා මේ ගැන දැනගත යුතුයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා.. දැනගත යුතුමයි.. විපක්ෂයේ හිටපු රාජපක්ෂ ඇතුළු පිරිස දැනගත යුතුමයි.. ඉහළ පෙළේ Top Level දේශපාලනඥයෝ දැනගත යුතුමයි.. ඒ කුමන්ත්‍රණය තමයි මේ විශාල විනාශය හරියට කෝදුරුවෙක් හා සමානව පොඩි කරලා හිතලා දැම්මා එළියට මේක ගැන සැකයක් තියෙනවා මේක ඇතිවෙන එකක් නැත කියලා.. මේක ලොකු කුමන්ත්‍රණයක්.. මොකක්ද මේ කුමන්ත්‍රණය, මෛත්‍රීපාල සිරිසේනට කොන්ද පණ නැති නිසා ඒ මහත්තයාගේ.. රාජපක්ෂලාට බලය ගන්න අවශ්‍ය නිසා.. එතුමා සිංගප්පූරු ගියා.. ඉතිං එතුමා දන්නේ දවස් එකහාමාරකට පස්සේ.. එතුමා නිදන්ගත වෙලා.. කාමරයක් ඇතුළේ එයා නිදන්ගත වෙලා.. මම කියන්නේ කාදිනල්තුමා කියන එක හරී.. මම එතුමාට ගෞරව කරනවා.. මේක විශාල සම්බන්ධයක් තියෙනවා ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ දැනගෙන රාජපක්ෂවරුන්ට මේ බලය ගන්න මේ විනාශය කරාද? ඒකට අනිත් අය උල්පන්දම් දුන්න ද කියලා? ඒක නෑ කියන්න බෑ කාටවත්..

Channel 4 කියන එක මම ඉහළින්ම පිළිගන්නවා.. සමහර මාධ්‍ය මේක සුළු කොට තකනවා.. මේක බරපතළ ප්‍රශ්නයක්.. මම දැක්කා ටී.වී එකේ පියතුමන්ලා දෙනමක් උසාවි නග්ගලා සලෙයි කියන ආරක්ෂක ප්‍රධානියා.. මම සලෙයි මහත්තයාට කියනවා, සලෙයි මහත්තයා වැලේ එල්ලෙන්නේ නැතිව, ගහක හරි බදාගෙන ඉන්න ප්‍රවේසමෙන්.. වැරදි වුණා නම් වැරදි පිළි අරගන්න.. මම මේවට බය මිනිහෙක් නෙමෙයි.. මේකට වගකිව යුතුයි එදා හිටිය රාජ්‍ය නායකයින් රාජපක්ෂලා..”