29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසම පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

මානව හිමිකම් කොමිසම පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් මහජනතාව යොමු කළ පැමිණිලි 11000කට අධික සංඛ්‍යාවක් කඩිනමින් විමර්ශනයට මානව හිමිකම් කොමිසම විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් එම පැමිණිලි විමර්ශනය කරන බවයි එහි කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කළේ.

මානව හිමිකම් කොමිසමට යොමු කළ ඇතැම් පැමිණිලි වෙනත් ආයතන වෙත යොමු කළ යුතු පැමිණිලි බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඒ අනුව අදාළ පැමිණිලි රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, කම්කරු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික කටයුතු අධිකාරිය යන ආයතන වෙත යොමු කිරීමට නියමිතය.