― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමාව ඝාතනය කරන්නත් සැලැස්මක් තිබුණා - මරික්කාර්

මාව ඝාතනය කරන්නත් සැලැස්මක් තිබුණා – මරික්කාර්

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් සහ මාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයින් සොයාගෙන උපරිම දඬුවම් පැමිණිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ වනවිට ජාත්‍යන්තරය තුළ පාස්කු ප්‍රහාරයේ සත්‍ය එළිවෙමින් පවතින බවයි මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සිදු වූ දිනයේදී, එක්තරා බිද්ධි අංශ සාමාජිකයෙක් තමන් හමු වී තමන්ව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අනාවරණය කළ බව මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

එහිදී සැඟවී සිටින ලෙස එම බිද්ධි අංශ සාමාජිකයා තමන් වෙත පැවසූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා. එවක ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙක් මැදිහත් වී තමන් ඝාතනය කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වළක්වා දැමූ බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවා.