27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 14ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් අල්ලයි

මිලියන 14ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් අල්ලයි

ශ්‍රී ලංකාවට තැපැල් මගින් පැමිණ අදාල අයිතිකරුවන් විසින් දිගු කලක් නිශ්කාෂනය නොකර අතහැර තිබූ පාර්සල් තොගයක් කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඒවා තුළ තිබී මරිජුවානා සහ කෘතීමව නිපදවන ලද මත්පෙති සොයාගෙන තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ, රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී මෙම පරීක්ෂා කිරීම සිදුකර ඇති අතර එහිදීයි මෙම පාර්සල් තුළ තිබී එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.

එහිදී ග්‍රෑම් 1406ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් දාහතර මිලියන අසූපන්දහසක් (14,085,000)ලෙස තක්සේරු කර තිබේ.

අමෙරිකාව, කැනඩාව හා එක්සත් රාජධානිය යන රටවලින් මෙම පාර්සල් ලංකාවේ විවිධ පළාත්වල පුද්ගලයන්ගේ ලිපිනයන්ට එවා ඇති අතර අදාළ පාර්සල් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට භාර දීමට නියමිතය.