28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිටමින් C මෙරට ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තුවට

විටමින් C මෙරට ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තුවට

විටමින් C ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

විටමින් ‘සී’ ඖෂධය ගර්භනී මාතාවන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන බවත්, මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් ‘සී’ ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ තොරතුරු ඔස්සේ මෙලෙස එම ඖෂධය මෙරට ජනතාව සදහා ලබාදීමට පියවර ගැනෙන බවයි වෛද්‍යවරයා අවදාරණය කළේ.

වාර්ෂිකව විටමින් ‘සී’ ඖෂධ පෙති මිලියන 180 ක් අවශ්‍ය වන බවත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ මෙරට ඖෂධ නිෂ්පාදනකරුවන් මෙම විටමින් ‘සී’ ඖෂධය නිෂ්පාදනය කරන බවත් වෛද්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.