29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රීලනිප කාර්යාලයට අගුළු දමයි

ශ්‍රීලනිප කාර්යාලයට අගුළු දමයි

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අගුළු දමා වසා තිබේ.

දයාසිරි ජයසේකර මහතා තනතුරෙන් ඉවත්කිරීම නිසා ඔහුට හිතැති පාක්ෂිකයන් පැමිණ යම් නොසන්සුන්තාවක් ඇතිවේ යැයි සහ ලියකියවිලි පිටතට යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි සේවකයන්ට පවා ඊට ඇතුළු වීමට හැකියාවක් නොමැති අතර එහි ප්‍රධාන දොරටුවම වසා තිබීම විශේෂත්වයකි.

අද උදෑසන 10ට මෙම ස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවද අවලංගු කොට තිබෙනවා. දයාසිරි ජයසේකර මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු සරත් ඒකනායක පත් කොට තිබෙනවා.