29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට

ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ (05) පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 2 කින් එම තරගය ජය ගනිමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත්තේය.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 92 ක්, පැතුම් නිස්සංක ලකුණු 41ක්, චරිත් අසලංක ලකුණු 36 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Gulbadin Naib කඩුලු 4 ක් හා Rashid Khan කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.1 පන්දුවක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට අසමත් වූ අතර ඒ හේතුවෙන් ඔවුන් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට අසමත් විය.