29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්පා කාර්ය මණ්ඩලය සඳහා පුහුණුවක් අවශ්‍යයි - ඩයනා

ස්පා කාර්ය මණ්ඩලය සඳහා පුහුණුවක් අවශ්‍යයි – ඩයනා

සම්භාහන මධ්‍යස්ථානවල සේවය කරන පුද්ගලයින්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

සමහර සංචාරකයින් ශ්‍රී ලංකාවට විශේෂයෙන් සම්බාහනය සඳහා පැමිණෙන බැවින් ස්පා යනු අත්‍යවශ්‍ය දෙයක් බවත් ස්පා ව්‍යාප්ත කිරීම අපට නැවැත්විය නොහැකි බවත් ඇය එහිදී අවදාරණය කළාය.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීම පිළිබඳව සතුටට පත්වන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.