― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeArtJAWAN හෙට සිට ලොව පුරා තිරගත වෙයි

JAWAN හෙට සිට ලොව පුරා තිරගත වෙයි

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම JAWAN චිත්‍රපටය හෙට (07)සිට ලොව පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතය.

Atlee විසින් අධ්‍යක්ෂණය කර ඇති JAWAN චිත්‍රපටය Red Chillies Entertainment යටතේ ගෞරි ඛාන් විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

නයනතාරා, විජෙයි සේතුපති සහ විශේෂ චරිතයක් ලෙසින් දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වන JAWAN චිත්‍රපටයේ ශාරුක් ඛාන් ද්විත්ව චරිත නිරූපණය කරනු ලබනවා.

ත්‍රාසජනක චිත්‍රපටයක් වන JAWAN සැප්තැම්බර් 7 වනදා සිට හින්දි, දෙමළ සහ තෙළිඟු යන භාෂාවන් ත්‍රිත්වයෙන්ම ලොව පුරා තිරගත වීම ආරම්භ වන අතර ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්ට ද මෙම නවමු අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව හිමිවනවා.