30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර්ථික අර්බුදයට 225ම වගකිව යුතුයි - වජිර

ආර්ථික අර්බුදයට 225ම වගකිව යුතුයි – වජිර

තමා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම දෙනාම රට කඩාවැටීමට වගකිව යුතු බවත් අරයා වැරදියි මම හරි කියාගෙන දේශපාලනය කිරීමෙන් ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර කරගැනීමේ අරමුණ ශ්‍රී ලංකාව බංකොලොත් ලේබලයෙන් ගලවා ගැනීම බවයි.

රටේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන පන්සියයක් අවශ්‍ය වන බවත් එම මුදල් සොයා දීමට නම් ලංකාව බංකොලොත් ලේබල⁣යෙන් මුදාගත යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන 15 වැනිදා ලංකාවට එන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ මෙම 25 වැනි දා වන විට ශ්‍රී ලංකාව බංකොලොත් ලේබලයෙන් ගලවා ගැනීමට රජය උත්සාහ ගනිමින් සිටින බවයි.