― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඓතිහාසික ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මුදල් ත්‍යාග

ඓතිහාසික ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මුදල් ත්‍යාග

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව T20 තරගාවලි ජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 25,000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 75ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු විශේෂ ඇගයීමේ උත්සවයක් ද පවත්වන බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ පැවැති තුන්වන සහ අවසන් T20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා 2-1ක තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.

මෙය එංගලන්ත කාන්තා පිලට එරෙහිව ඕනෑම තරගාවලියකදී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසිනුයි ඉතිහාස ගත වූයේ.