28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක්

කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක්

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (විශේෂඥ වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

උක්ත පනත් කෙටුම්පතට අමතරව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ද්විත්වයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සූදානම් බවද ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අදහස් පළවූයේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන වනුෂී වෝල්ටර්ස් මහත්මිය සමග සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පසුගියදා (05) විශේෂ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.