31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"ජනපතිට රනිල් රාජපක්ෂ නාමය ඉවත් කරගන්න මේක හොඳ අවස්ථාවක්"

“ජනපතිට රනිල් රාජපක්ෂ නාමය ඉවත් කරගන්න මේක හොඳ අවස්ථාවක්”

ජනාධිපති රනිල් වික්‍රමසිංහට රනිල් රාජපක්ෂ යන නාමය ඉවත් කර ගැනීමට හොඳ අවස්ථාවක් පැමිණ ඇති බවත් ඒ සඳහා ඔහු කළ යුතු එකම දේ මෙම චෝදනාවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳව අපරධමය විමර්ශනයක් සිදු කිරීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිනිසුන් දෙසීය ගණනක් මිය ගියද ගාණක්වත් නැති අයට ඖෂධ නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් මෙහෙන් ආරංචි වන මරණ මැස්සන් මදුරුවන් මැරෙනවා වැනි බවයි.

ඇය තවදුරටත් පවසන්නේ චැනල් 4 වැනි ජාත්‍යන්තර නාලිකා සිදු කරන්නේ විමර්ශනාත්මක මාධ්‍යකරණයක් බවත් එවන් මාධ්‍යකරණයකට පසු එහි සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට ඔවුන් විසින් ම උදාහරණ සොයන බැවින් මෙය අසත්‍යයක් විය නොහැකි බවයි.

මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙය ලංකාව තුළ දැනටමත් ඔප්පු වුණ කාරණාවක් වීමත්, ලංකාව තුළ මේ කරුණු එළියට ගියේ නැති නමුත් පාර්ලිමේන්තු කමිටුවේ ද, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ එයින් සොයා ගත්ත කරුණු ජනතාව අතරට නොයැවූ බවයි ඇය එහිදී අවධාරණය කළේ.

එයට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ අදාළ වාර්තාවල පැහැදිලිවම සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිකොට ඇති නිසා බවයි.