― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩලස්ට අලුත් පට්ටමක්

ඩලස්ට අලුත් පට්ටමක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පත්වී තිබෙනවා.

ඊයේ (06) එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී යි චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කර ගැනීම සිදු වූයේ.

නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහ අජිත් මාන්නප්පෙරුම තෝරා පත්කර ගැනුණා.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමටයි. එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල සම්බන්දයෙන් කමිටුවට අවබෝධයක් ලබගත හැකි බව සභාපතිවරයා සඳහන් කළා.

අධ්‍යාපනය, ප්‍රවාහනය, නීති හා සෞඛ්‍ය යන අංශ තුළ ආබාධ සහිත තැනැත්තන්ට බහුලව ගැටලු පවතින බව වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද තීරණය කෙරුණා.

මෙරට සිදුකර ඇති අවසන් ජන සංගණනය 2012 වසරේ සිදුකර ඇති බැවින් වර්තමානයේ කොපමණ ආබාධ සහිත තැනැත්තන් සිටිනවාද යන්න පිළිබඳ යාවත්කාලීන දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය ද සභාපතිවරයා සිහිපත් කළා.

පක්ෂ භේදයෙන් තොරව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සියලුම දෙනා කටයුතු කළ යුතු බවයි සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මෙරට සිටින ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ගැන විපක්ෂ නායකවරයා කමිටුව හමුවේ කරුණු ඉරිපත් කළා. ඒ අනුව අදාළ දත්ත ලබාගැනීම ග්‍රාම නිලධාරීන් මගින් ආරම්භ කළ හැකි බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පාව නොව අයිතීන් ලබාදීම අරමුණු කරගෙන කටයුතු කළ යුතු බවට මෙහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික මන්ත්‍රීවරයන් ප්‍රකාශ කර තිබෙනවා.