28 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙදර්ලන්තයෙන් එවන පුරාවස්තුවලට විශේෂ ආරක්ෂාවක්

නෙදර්ලන්තයෙන් එවන පුරාවස්තුවලට විශේෂ ආරක්ෂාවක්

නෙදර්ලන්ත රජය විසින් නැවත ලබාදීමට එකඟතාව පළකළ පුරාවස්තු මෙරටට රැගෙන පැමිණි පසු ඒවා තැන්පත් කරන ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම කෞතුක භාණ්ඩ තිබෙන ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටත් ආරක්ෂක කැමරා සවිකිරීමටත් මේ වන විට තීරණය කර තිබේ.

ලන්දේසීන් විසින් මෙරටින් රැගෙන ගිය රනින් හා රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ කාලතුවක්කුවක් මෙලෙස නැවත මෙරටට ලබාදීමට නියමිතය.