30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෑලියගොඩ ගණිකා නිවාසයක් වටලයි - 04ක් අත්‌අඩංගුවට

පෑලියගොඩ ගණිකා නිවාසයක් වටලයි – 04ක් අත්‌අඩංගුවට

පෑලියගොඩ 06 කණුව හන්දියේදී බස්නාහිර පළාත්‌ උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරින්‌ විසින්‌ ගරු අධිකරණයෙන්‌ ලබාගත්‌ සෝදිසි වරෙන්තුවක්‌ මත සම්භාහන මධයස්ථානයක්‌ මුවාවෙන්‌ ගණිකා නිවාසයක්‌ කලමණාකරනය කළ සැකකරුවෙකු සහ කලමණාකරනයට සහාය වීම සම්බන්ධ සැකකාරියන්‌ තිදෙනෙකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 25 ක්‌ වන දුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන්‌ අවුරුදු 30, 31 හා 38 වයස්වල පසුවන නුචරඑළිය, මාරවිල හා පිළිමතලාව ප්‍රදේශවල පදිංචිකාරියන්‌ වේ.

සැකකරු සහ සැකකාරියන්‌ අද (07) අලුත්කඩේ මහේස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතය.

අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.