― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ 2278රැ02 දරණ ගැසට් නිවේදනයට අනුව මෙම උපරිම සිල්ලර මිල නියම කර ඇති බවයි.

එම ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වනවා.

සම්බා සහල් රුපියල් 230කටත් නාඩු සහල් රුපිය් 220කට අලවි කළ යුතුයි.

වැඩි මිලට සහල් අලෙවි කළහොත් ඒ සම්බන්ධව නඩු පැවරීමේදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් නියම කරන බවයි අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම පෞද්ගලික සමාගමක් සඳහා රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බව එම අධිකාරිය අවධාරණය කරනවා.

සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙසත් ඒ අනුව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසැල් සම්බන්ධයෙන් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 අංකය වෙත තොරතුරු ලබා දෙන ලෙස ද හජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.