12.5 C
London
Saturday, September 30, 2023

AirArabia ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට

එමිරාටි අඩු වියදම් ගුවන් සේවය වන එයාර් ඇරබියා ලබන වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා.

2024 වසරේ ජනවාරි 03 වනදා අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කරන බවයි ගුවන් සමාගම ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවට පැමිණීම එයාර් ඇරබියා සමාගමේ 34 වන ගමනාන්තය සනිටුහන් කරනවා.

මෙම පියවර එයාර් ඇරබියා අබුඩාබි අගනුවරට සහ ඉන් පිටත සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ අඛණ්ඩ වැඩසටහනේ කොටසක්.

එයාර් ඇරබියා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඇඩෙල් අල් අලි ප්‍රකාශ කළේ අබුඩාබි සිට සෘජු ගුවන් ගමන් සමඟින් වර්ධනය වන ජාලයට කොළඹ එක් කිරීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.

ලොව ප්‍රමුඛතම ගුවන් ගමන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳව වසර 03 කට පමණ පසු සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පවත්වා තිබුණා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.
රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සයීෆ් අල් සුවයිදි, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති චාලීඩ් නසාර් අල් අමෙරි යන මහත්වරුන් ඇතුළු 23 දෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගී වී සිටියා.

එහිදී ශ්‍රී ලංකාවේ ගුවන් සේවා වන ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවා වෙනුවෙන් නියෝජිතයන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා වන එමිරේට්ස්, ඉටිහාඩ්, ෆ්ලයි ඩුබායි සහ එයාර් ඇරේබියා ගුවන් සේවා නියෝජනය කරමින් නියෝජිතයන් ද සහභාගී වී සිටි බව සඳහන්.

ඔවුන් දෙරට අතර ගුවන් ගමන් සේවා යාවත්කාළීන කිරීමටත්, ලෝකයේ නව ප්‍රවනතා අනුව ගුවන් ගමන් මෙහෙයුම් සකස් කිරීම සහ වර්ධනය කිරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡා වලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවත් අනතුරු අඟවා තිබෙනවා....

මෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇත. ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ...

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග පෙරේදා (26) සිට අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය උප සේවා රාජකාරි බාර ගැනීම සඳහා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here