27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtඩැනී මාස්ටර්සන්ට වසර 30ක සිර දඬුවමක්

ඩැනී මාස්ටර්සන්ට වසර 30ක සිර දඬුවමක්

That ’70s Show නම් ටෙලිවිෂන් කථාංග මාලාවෙන් ප්‍රසිද්ධියට පත් අමෙරිකාවේ ප්‍රකට නළු ඩැනී මාස්ටර්සන්ට වසර 30ක සිර දඬුවමක් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාන්තාවන් දෙදෙනෙක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් මොහුර මෙලෙස සිර දඬුවම් නියම වී ඇති බවයි.

අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ මොහු මීට වසර කිහිපයකට පෙර අදාළ වරද සිදුකර ඇති බවයි.

ඔහුට සමාව දී නිදහස් කිරීමේ අවස්ථාව ලැබෙන්නේ වසර 25කට පසුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.