― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsභූමදානය කළ දරුවෙකුගේ දේහය අතුරුදන්

භූමදානය කළ දරුවෙකුගේ දේහය අතුරුදන්

වව්නියාව නෙලුම්කුලම පොදු සුසාන භූමියේ භූමිදානය කර තිබූ අවුරුදු දෙකක් වයස ඇති දරුවෙකුගේ මෘත දේහය අතුරුදන වී තිබේ.

නෙලුක්කුලම පොලීසිය පැවසුවේ භූමදානය කර තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන එම මළ සිරුර කිසියම් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇති බවයි.

මේ බව දරුවාගේ මව විසින් නෙළුක්කුලම පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම දරුවා ඉකුත් 25 වැනිදා තම සීයාගේ නිවසේ තිබූ ජල ටැංකියකට වැටී ජීවිතක්ෂයට පත් වූ අතර දරුවාගේ දේහය රාසේන්ද්‍රාකුලම් පොදු සුසාන භූමියේ දී භූමදානය කර ඇත.

පොලීසිය සඳහන් කළේ දේහය රැගෙන ගිය පුද්ගලයා පිළිබඳ තොරතුරක් තවමත් ලැබී නොමැති බවයි.