29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසචිත්‍ර සේනානායක බන්ධනාගාර රෝහලට

සචිත්‍ර සේනානායක බන්ධනාගාර රෝහලට

පසුගිය 06 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පපුවේ අමාරු තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහල වෙත යොමුකර ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු පොළඹවාලීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින සචිත්‍ර සේනානායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පසුගිය 06 වනදා භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඔහුව අධිකරණය හමුවට එදිනම ඉදිරිපත් කිරීමටයි විමර්ශන නිලධාරීන් කටයුතු කළේ.