22.6 C
London
Tuesday, September 26, 2023

සුපිරි 04 වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය වෙනුවෙන් අතිරේක දිනයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය වෙනුවෙන් අමතර දිනයක් වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ලබන 10 වනදා මෙම තරගය වෙනුවෙන් දිනය වෙන්කර ඇති අතර, මෙම තරගයට පැවැත්වීමට කිසියම් හෙයකින් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එම තරගය යළි පැවැත්වීමයි මෙලෙස අතිරේක දිනයක් වෙන්කර ඇත්තේ.

ඒ, අනුව මෙම තරගය වෙනුවෙන් ලබන 11 වනදා මෙලෙස අතිරේක දිනය ලෙස වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තරගය ක්‍රියාත්මක වෙමින් පැවතිය දී වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය සම්පූර්ණ කිරීමට නොලැබුණහොත් තරඟය අත්හිටුවන ලද ස්ථානයේ සිට සැප්තැම්බර් 11 වන දිනයේ දී තරගය යළි ආරම්භ කිරීමට නියමිතයි.

එවැනි අවස්ථාවකදී, ප්‍රවේශපත්‍ර හිමිකරුවන්ට තම තරග ප්‍රවේශපත්‍ර සන්තකයේ තබාගෙන සිටින ලෙස උපදෙස් ලබා දෙනවා.

සුපිරි 04 තරග වටයේ අනෙකුත් කිසිඳු තරගයක් සඳහා මෙලෙස අතිරේක දිනයන් වෙන් නොකරන බව ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කරනවා.

මේ අතර තරගාවලියේ මුලික වටයේ දී දෙපිළම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී එකිනෙකා මුණ ගැසුණු අතර. එම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පාකිස්ථාන පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුනේ නැහැ.

Latest

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

Don't miss

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

බාබර් අසාම්ට දඩයක්

පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම්ට දඩ මුදලක් පැනවීමට ලාහෝර් පොලීසිය කටයුතු කර තිබෙනවා. අධිවේගී මාර්ගයක නියමිත වේග සීමාව ඉක්මවා මෝටර් රථයක් ධාවනය කිරීමේ වරද සම්බන්ධයෙන්...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

2023 එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා. දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, පැතුම්...

ඉන්දීය කාන්තා කණ්ඩායම රන් පදක්කම දිනාගනී

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) සමත් වුණා. ඒ රන් පදක්කම වෙනුවෙන් පැවති අවසන් මහා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here