27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගී මාර්ගයේ කැබ් රථයක් පෙරළී 3ක් රෝහලේ

අධිවේගී මාර්ගයේ කැබ් රථයක් පෙරළී 3ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද පස්වරුවේ දොඩංගොඩ කිලෝමීටර් 22.4 ආසන්නයේදී අනතුර සිදුවී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කැබ් රථය අතුරුගිරිය සිට දොඩංගොඩ දෙසට ධාවනය වෙමින් තිබියදී රියදුරුට නින්ද යාමත් සමග එහි සිටි පුද්ගලයකු ඔහුව අවදි කරවා ඇති අතර ඒ සමගම කැබ් රථය පාලනයෙන් ගිලිහී පෙරළී ඇතැයි හෙළිවී තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී කැබ් රථයේ පුද්ගලයන් 6 දෙනෙකු ගමන් කර ඇති බව ද සඳහන්.

අනතුරින් කැබ් රථයට හානි සිදු වී ඇති අතර පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මකයි.