විශේෂ අවශ්‍යතා ඇති දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවන හම්බන්තොට, ගොන්නොරුව, මහහැඩිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ නිවසට යාබදව මෙම සැකකරු පදිංචිව සිට ඇති බවත් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකදී මෙම සැකකරු විසින් බලහත්කාරයෙන් දැරිය මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.